ලග්ගල කිරිඅම්මා උල්පත බලන්න ගිය ගමන|The trip to see Laggala Kiriamma ulpatha
Wishmakarma Wishmakarma
3.82K subscribers
269 views
6

 Published On Sep 16, 2024

හාස්කම් ඇති කිරි අම්මා උල්පත
මාතලේ දිස්ත්‍රික්කයේ නව ලග්ගලට යන්න ගිහින් ටවුන් එකේ කාගෙන් හරි අහගෙන අතුරු මාර්ගයට වාහනේ දා ගත්තහම පාරේ දිගටම දැන්වීම් පුවරු තියෙනවා හොයාගන්න අමාරු නෑ ප්‍රසිද්ධ නිසා හැමෝම දන්නවා තියෙන තැන.

ලස්සන කතාවකුත් මම දැක්කා මෙන්න ඒ කතාව
මේ කියන්නේ 100% ඇත්ත කතාවක් මේක පුලුවන් කමක් තියනවනම් දකින හැමෝම ඉවරවෙනකල් කියවන්න. කිරි අම්මා උල්පත තියෙන්නේ ලග්ගල දාගැවිල්ල කියන ගමේ . මට අපේ මුත්තත්තා කියලා තියනවා ඉස්සර ඔතන රන් ආදෙක් එහෙම හිටියා, කුබුරැ වැඩ වලට රං දෑකැති දෙවියෝ මිනිසුන්ට දුන්නා කිලයා එහෙම කතා ටිකක් . ඒවා ඉතිං මමනම් ලොකු විස්වායකින් හිතේ තියන් ඉන්නේ නැහැ සමහරක් විට එහෙම දේවල් තියෙන්නත් ඇති මේ දාගැවිල්ල කියන ගමේ මිනිස්සු ඔතනින් රන් දෑකැති හොරකම් කරාලූ අන්තිමට ඔතන හිටියා කිවුව රන් ආඳත් මරාගෙන කෑවලු ඉන් පස්සේ ඔය දාගැවිල්ල කියන මුලු ගමේම මිනිසුන්ට ඉන්ඩ හිටින්ට බැරිවෙන්න වැහි පොදක් වත් නැතිව අවුරැදු ගානක් ගම කර උනාලූ බොන්න වත් වතුර ගන්න තැනැක් නැතිව ගියාලු ඔහොම ටිකෙන් ටික ඔය ගමේ මිනිස්සු පිටගම් වලට පදිංචියට ගියාලූ ඔය මුලු මහා කැලයටම තිබිලා තියෙන්නේ ඒ කාලේ ඔය ගම විතරයිලු . ඒ ගමත් එහෙමම ඇහැ වෙලාම ගියාලු . අපි පුංචි කාලේ වෙනකොට කිසිම කෙනෙකුට ඔය කිරිඅම්මා උල්පත පැත්තේ වත් පස් පාගන්න බැරි විදියට වටේටම අක්කර ගානක් කැලේ වැවිලයි තිබුනේ අපේ ලොකුවත්තගේ හේනක් තිබුනා ඔය කලු ඟඟට එහාපැත්තෙන් දැන් හෙළ බොජැන් එකයි ලග්ගල ago office එකයි තියෙන්නේ එතන මට මතකයි මම පොඩි කාලේ ලොකු අත්තයි මාමායි එක්ක ඒ හෙනේ මාඉමට යනවා කිසි කෙනෙකුට එතනින් එහාට යන්න පාරක් තිබුනේ නැහැ තවත් හෙන් දෙකතුනක් තිබුනා ඔය අහල පහල අයගේ . එතනින් එහොට මේ මහ කැලේට ඇතුල් වෙන්නේ දඩයමේ යන මිනිස්සුන් විතරයි ඒ අයත් ඔය කිරිඅම්මා උල්පත පැත්තේ වත් යන්නේ නැහැ බැරිවෙලාවත් මොකද අලි කොටි වලස්සු ඔය පැත්තේ පිරිලා ඉන්නව කියලා ගමේ අය කියනවා. මෑත කාලෙක මහවැලි ව්‍යාපාරය වැඩ ආරම්භ කරා මොරගහකන්ද , කලුඟග ජලාශය සහ හෙට්ටිපොල දබුල්ල පරන පාර වෙනුවට ඔය මහා ගණ කිලය මැදින් ගුරැවෙල සිට වැල්ලේවල දක්වා නව මාර්ගයක් සෑදීමටද ජලාශවලට යටවෙන පවුල් සඳහා නව ඉඩම් දීමටද ඔය තිබුන මුලා ගන කැලෑවම හිතාගන්න බැරි විදියට සුද්ද කලා . එ කෙම කොටසක් විදියට කුබුරැ වලට වතුර දෙන්න හැමතැනම පොඩි පොඩි වැවු හැදුවා . ඒ වැවු වලින් එකක් තමයි ඔයාලා උල්පතට යන පාරේ බන්ට්එකක් උඩින් යන දාගැවිල්ල වැව . ඔය වැවේ වැඩකරපු මැෂින් වල ඔපරේටර්ලා ඒ කාලේ බෝඩිං වෙලා හිටියේ අපේ ගෙදරයි අපේ ගෙවල් ළඟ අනිත් ගෙවල් වලයි ගොඩ දෙනෙක් හිටියා මට මතක විදියට ඔතනින් සීයා කෙනෙක් හිටියා එයා වැඩකරේ ඩෝසරේක එයාගේ නම සරත් . අපි කීවේ සරත් සීයා කියලා එයා තමා මුලින්ම ඔය උල්පත වටා තිබුන කැලේ එලි කරේ එයාටත් ගොඩාක් කරදර උනා දවස් දෙකෙන් දෙකට මැෂින් එක කැඩෙනවා වැඩකරනවට වඩා මිනිහගේ වැඩේ මැෂින් එක හදන එක ඔය උල්පත වටේට තියන කැලෑ කෑල්ල ඉතිරි කරන්න කියලා ඊට පස්සේ මහවැලියට අපේ ගමේ අය කීවා ඉන් පස්සේ තමයි ඔය වටේට කැලෑව ඉතිරි කරලා වටේටම කුබුරැ හැදුවේ . ඔතනට යන්න අඩි පාරක් වත් තිබුණෙ නැහැ අපේ පන්තියේ කොල්ලෝ සෙට් එක තමයි ඉස්සල්ලාම කාලයකට පස්සේ ඔතනට යන අඩි පාර හැදුවේ අපි ඉස්සර බයිසිකල් පැදගෙන ගිහින් කෑලෑව පීරගෙන ගිහින් උල්පත.බලලා එනවා . ඉස්සර අපි යනකොට ඔතන ඔහොම තිබුණෙ නැහැ හරිම ලස්සනයි අනික නිතරම බුබුලෙන් වතුර එන්නේ නැහැ මිනිස්සු කවුරැ හරි ගියාම තමා උල්පතේ වතුර බුබුල් වැඩි වෙන්නේ ඔය උල්පතෙන් එන බුබුල් වලට කැලැත්තෙන වැලි අතට අරන් බැලුවහම ඒ දවස්වලන් පොඩි පොඩි නිල්,රතු,කහ මැණික් කෑලි ආවා දැන්නම් එවා නැහැ මයේ හිතේ . මම මේ අතීතය කල්පනා කර කර මෙතන හෙන හෑලිලක් ලීවේ මේක පෙන්නලා මම පොරක් වෙන්නවත් පණ්ඩිත කමක් පෙන්නන්වත් නෙවේ. ඉස්සර බලු බල්ලෙක් ගියපු නැති තැනට දැන් දවසට 1000කට වඩා සෙනඟ යනවා එනවා ඒ අස්සේ එතන කපු නොනලා කපු මහත්කුරැ හැඩවෙලා ඩෙගා නටනවා . මගේ හිතේ ඉස්සර ඔතන තිබුන හාස්කම් නම් දැන් දෙකෙන් පන්ගුවක් වත් නැහැ . ඒ මොකද මිනිස් ක්‍රියාකාරකම් ඒ තරමටම හොඳයි . ඔබලා කවුරැ ඔතනට ගියත් කපු නෝනලා කපු මහත්තුරැ ඕන නැහැ තමන්ට හිතේ තියන දේ මෑණියන්ට කියලා පඩුරක් ගැටගහලා බාරයක් වෙන්න ඒ දෙ ඉශ්ට උනානම් ඒ බාරේ නිදහස් කරන්න. එච්චරයි. . කිරිඅම්මා උල්පත අවට පරිසරය රැක ගැනීමටද කාරැනික වන්න. අපේ උරැමයන් අපි රැකගෙන ජීවත් වෙමු. යම් කිසි කෙනෙකුට මම මේ කීව දේවල් වලින් වැරැද්දක් උනානම් සමාවෙන්න.
DulanMadusankaweerasekara

ලග්ගල කිරිඅම්මා උල්පත බලන්න ගිය ගමන|The trip to see Laggala Kiriamma ulpatha,laggala,ලග්ගල,කිරිඅම්මා උල්පත,ලග්ගල කිරිඅම්මා උල්පත,traveling,travel to laggala kiri amma ulpatha,කිරිඅම්මා උල්පත බලන්න,Laggala Kiriamma ulpatha,කිරිඅම්මා,laggala kiri amma ulpatha,laggala aranya senasanaya,laggala pallegama,උල්පත,හාස්කම් ඇති කිරි අම්මා උල්පතේ වෙනසක්,new laggala,කිරි අම්මාවරු උල්පත,moragahakanda dam,kalu ganga,moragahakanda jalashaya,moragahakanda,mathale,mathale riwastan
#kiriamma_ulpatha
#new_laggala
kiri amma ulpatha laggala, kiri ammawaru, kiri amma danaya,kiri ammawaru dhanata wadinawa
නව ලග්ගල,හාස්කම් ඇති කිරි අම්මා උල්පත,කිරිඅම්මා වරු උල්පතmoragaha kanda dam
kalu gaga dam, ranamure, narangamuwa
#Wishmakarma#youtube channel#

show more

Share/Embed