#කොරියාවෙ
Weerapperuma-korea Weerapperuma-korea
3.46K subscribers
127,697 views
1.7K

 Published On Dec 10, 2022

මේ වීඩියෝ එකේ තියෙන්නේ කොරියාවේ ආදෝ ඇති කරන ෆාම් එකක වැඩ කරන හැටි. ඉතින් කොරියාවට දීවර ලියලා එන එහෙම නැත්නම් දීවර ලියන්න බලන් ඉන්න අය හිතාගෙන ඉන්නවා කොරියාවට ගිහින් කොහොම හරි ෆාම් එකක ජොබ් එකකට පැනගන්නවා ඊට පස්සේ වැඩ ලේසිනේ කියලා...
නමුත් එහෙම ඔය කියන තරම් කොරියාවේ මේ වගේ ෆාම් වල රැකියා සුන්දර නෑ මේ ජොබ් කරන අය උදේ පාන්දර 2ට 3ට4,5 වගේ වෙලාවල් වලට අවදි වෙනවා..නිදාගන්නෙ කඩින් කඩ ඇගට හරි නින්දක් නෑ ඒවගේම සමහර ෆාම් තියෙනවා කිසිම නිවාඩුවක් නෑ ඒකියන්නේ අව්රුදු 5ක් වැඩ කරනවනම් එක දිගම 5ම වැඩ 😢කෝටි ගනන් ලක්ශ ගනන් සල්ලි හොයන්න මේ රැකියා කරන අය ලොකු දුකක් විදිනවා......
සමහර මුහුදු රැකියා වගේම සමහට ෆාම් රැකියාත් ගොඩාක් අමාරුයි කටුකයි..ඒ කොහොම උනත් මේ හැම කට්ටක්ම කාගෙන ගේම ගහගෙන තමන්ගේ හීන වලට යන්න පුලුවන් තමන්ට විතරමයි...
විශේශයෙන්ම කියන්න ඕන දීවර රැකියාවකට ඔයාලා කොරියාවට එනවනම් පව් පින් ගැන හිත හිත මේ රැකියා කරන්න බැහැ ඔබ එහෙම හිතන කෙනෙක්නම් හොදම දේ නිශ්පාදන අංශයෙන් කොරියාවට එන එක තමයි නැත්නම් වෙන්නේ මෙහෙම රැකියා කරන්න පුලුවන් අයට තියෙන අවස්තාව නැති වෙන එක විතරයි
අදෝ ෆාම් ගැන කියනවනම් කොරියාවේ ඉතාමත් ජනපිය හා ගුනදායක කෑමක් තමයි ආද මාලු..ඒ වගේම මිලෙනුත් ඉතා අදිකයි..රටට විශාල විදේශ විනිමයක් මෙන්ම රටේ ජනතාවගේ මාලු අවශ්‍යතාවය සැපිරීමට කොරියාවට පුලුවන් වෙලා තියෙන්නෙ මේ විදියේ කර්මාන්ත වලින් රටේ ජනතාව සන්නද්ද වී සිටීම නිසාමයි කීවොත් නිවැරදියි..
ඉතින් මේ වීඩියෝව ඉතාම කෙටියෙනුයි මම ඔයාලට අරගෙන ආවේ ඒ මොකද කීවොත් කොරියාවට එන්න ඉන්න අයට කොරියාවේ ආදෝ ෆාම් එකක් කියන්නේ මොකද්ද කියන එක සරලව පැහැදිලි කිරීමටයි...අදෝ ෆාම් එකක ඔබ නොදැකපු නොඇසූ මීට වඩා තව ගොඩාක් වැඩ තව තියෙනවා
තවත් වීඩියෝවකින් මම ඔබ හමු වීමේ බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා කොරියාවේ ඉදන් එහෙනම් 🇱🇰🇰🇷👉ඊලග වීඩියෝවෙන් අපි සෙට් වෙමු

මම ‪@Weerapperuma‬
#korea #how #srilanka #කොරියන් #korea #korean

show more

Share/Embed